#සුදු හිතක් තියෙන
#කළු පොලිස් කාරයෙක්...#කළු හිතක් තිබුණු
#සුදු කෙල්ලෙක්ට ලියපු කවියක්.....💚💛💜💔💖
පෙමින් බැඳුණු මගෙ ආදර ඉද්ද මල
අද පිපිලා ආගන්තුක හිතක වෙන
උඩු හුලඟෙ ගසා ඇවිත් කොළොම් පුර
අහස් කුසක හමු වූවත් නෑ පුදුම මට....
අව්වැස්සට පෙම් බැඳි මම කොයිද හැඩ
අනන්තයේ හිරු කුමරා තමයි නුඹට කැප
නිවාඩුවට දැක්කත් මම දහවල් හීන ගඟ
සැබෑ හීන ලඟමයි නුඹ ඇත්තටම හැඩ....
ගිය වාරේ මං නිවාඩුවට ගිහින් ගම
සෙව්වත් අපි ඉපනැල්ලේ බැඳපු පෙම
#කලු පපුවක #සුදු සෙනහස හලලා බිම
ගිහින් තිබුණු නුඹ දැක්කේ අදයි මම....
නුඹ වෙනුවෙන් මම හදනා අපේ පැල
බිත්ති හතර පෙන්වයි නටබුන් පුරාතන
තුරුණු පැතුම් බැංකු ලෝන් ගිලිනකොට
ටජ් මහලට පියෑඹූ නුඹ නංගී වැරදි නැත...
ගම වටේට රවුම් ගහපු දෙන්න අප
මතක නැද්ද පෝයට අපි බලපු සඳ
අද දැක්කා අපි ඉන්නා ලෝක දෙක
අමාරුවෙන් සඟවමි මම කඳුළු කැට...
අයිති නැතත් දැන් මට නංගීයේ නුඹ
මම අඳිනා මේ ඇඳුමේ යුතුකමක් ලෙස
නුඹ දෙස බැලුවේ ආදරයක් නිසා නොව
මව් රට රකිනා නිල දරුවෙක් නිසා මම....
_______________________ධනංජය.
#fecbook #police #dana
No comments:
Post a Comment