"දොර වැහෙන්නේ නෑ කියලා, මගීන් බස්සපු දුම්රිය"
වෙලාව දහවල් 12:30 යි, මම තවත් මිතුරෙකු සමග මෙල්බර්න් නගරයට යාම සඳහා මා සිටින උප නගරයේ දුම්රිය ස්ථානයෙන්, නගරාන්තර සීඝ්රගාමී දුම්රිය ක ට ගොඩ උනා.
හරියටම මෙල්බර්න් නගරයට දුම්රිය ස්ථාන දෙක කට මෙහායින් තිබෙන දුම්රිය නැවතුම් පලක මගීන්ට බැසීම සඳහා දුම්රිය නැවැත්තුවා. දුම්රිය නැවත පිටත් වීමට සූදානම් වුවත් තුන්වෙනි මැදිරියේ දොර ස්වයංක්රීයව වැසි නො යාම හේතුවෙන්, මගීන් සියළු දෙනාටම එයින් බසින ලෙස කාරුණිකව දුම්රිය නියාමක වරයා ඉල්ලා සිටියා.
ඊට විනාඩි තුනකට පසුව, පසු පසින් පැමිණි අනෙක් දුම්රියේ නැගී අපි සියලු දෙනාම මෙල්බන් නගරය වෙත ගියා.
මේ සිද්ධියත් එක්ක මගේ නම් කල්පනාවට ආවේ......
මේ රටවල දුම්රිය බලධාරීන් තමන්ගේ මගීන්ගේ ආරක්ෂාව ගැන කොයි තරම් හිතනවද කියලා. එක දොරයි වැහුණෙ නැත්තේ නැත්තෙ, ඒ උනාට හිටපු මගින් සියලු දෙනාම බැස්සුවා. දුම්රිය නියාමකවරයා කාරුණිකව සියලු දෙනාගෙන්ම සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලා සිටියා.
මීට වසර කිහිපයකට කලින්, මේ සටහන ලියන මමත්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ උදේ හවස රැකියාවට ගිය කෙනෙක්, මට මතකයි මිනිස්සු දොරවල් වල එල්ලිලා ගිය විදිහ, ඇතුළෙ යන්න ඉඩ නැතුව 😓
කවදද අපේ රටවල් මේ තත්ත්වයට එන්නේ එක ප්රශ්නාර්ථයක් විතරයි...........................
මුල් අයිතිය - නුවන් ජයවර්ධන - https://www.facebook.com/nuwan.jayawaradana
No comments:
Post a Comment