තවත් එක ප්‍රේම කථාවක අවසාන #පුරුකක්... කය මිසක සිත සුවපත් නොකල #නයිටින්ගේල් දියණියට කල ආයාචනයක්...�������� සිත ගත්තු සුකුමාල පෙම් හසුන් ඇඳ අස්සෙ පුස් කාලා මිය ගිහින් පණ අදින මගෙ සෙනෙහෙ නටඹුන් හැර යන්න බෑ නෝනේ හිතකින්... මම නැතිව එක රැයක් තනියෙන් එයා නෑ හිටියේ දිනක්වත් දිවියෙන් කෑගසනු ඇයි නෝනේ යටි ගිරියෙන් අපිට අපි ආදරෙයි තාම හද පතුලෙන්.... ප්‍රේම පුරාණේ මගේ මේ කුමරුන් රත්තරං සෙනෙහසක් හදේ වලලන් කියනකොට කථාවක් උණු කඳුලින් යන්නේ කෝමද නෝනේ මට කියපන්... පර වෙච්ච මල් වල සුවඳ පුසුඹන් නැති උනත් ගහ නෑනේ මිය ගිහින් ඔහු නැතිව මම ඉන්න ගෙදරින් වැඩක් නෑනේ ලිප ඉදෙන බතකින්. ... ඇයි මීසී නෝනේ මේ සැර වැරෙන් අනේ මම ඉන්නද ටිකක් ඔහු ලඟින් අනින කොට නුඹ සිලින්ජර් කටු වලින් ආදරේ හැලෙයි ඔය දිරපු නහරෙන්... පුස්කාපු සිරුර අද වැර වීරියෙන් දරදඬු උනත් පොල් ඉරටු දඬු මෙන් හිත රිදෙයි නෝනේ හරි පරිස්සමෙන් කථා කරනවද බයවෙයි එයා හීනෙන්... ලේන්සුවෙ හැංගිච්ච සොච්චමෙන් එන්න බෑ නෝනේ ආයෙමත් මට ගිහින් මට බයයි බඩගින්න ඔහෙ කඳුළු බීපුදෙන් ඊයේ රෑ කණ කොකෙක් ඉගිලුණා ගේ උඩින්..................................
ධනංජය සෙනවිරත්න......✒
No comments:
Post a Comment