Friday, 26 July 2019

තවමත් මග බලන #ඇයට.....🌷🌷🌷🌷



බකුසු පැටවුන් අඹ ගහේ අතු උඩ
තාලයට මගෙ දැහැන් බිඳිනකොට
යුධ බිමක තනි වෙච්ච නුඹ ගැන
අනේ සුදු මහත්තයෝ බයයි මට....

සේපාලිකා පිපුනත් හැමදාම රෑට
සුවඳ බලන්නට බෑ මට නුඹ නැතුව
නුඹ නොමැති අඩුව මකන්නේ ගෙදර
නිල ඇඳුම් එදා නුඹට බැරි වෙච්ච....

රෑ සමනල්ලු පිරුණු ගෙයි මිදුල
ලස්සනයි විසිරිලා පිණි පොට්ටු සීත
සඳ එලිය නුඹ එනවා පෙන්නුවත් හීන
එලි උනේ කොට්ට උර එක්කයි තෙමුණ....

මේ සැරේ නිවාඩුවට සුදූ ඔයා ආවාම
එක්ක යනවද අනේ කියන්නකෝ මාව
තොර තෝන්චියක් නැතුව කියවන්න මට
තියාගන්න බංකරේ කෙළවරෙන් මාව..

නිදි නොමැති මගේ සඳුගෙ තනියට
තියාගෙන මම උර හිසෙන් මගෙ ඔලුව
නුඹ දුන්න මේ රත්තරන් ආදරේ තරම
කියන්නද රැහැයියෝ නවතපං හැඬුම...

ඉවර නෑ එකින් එක හීන දිග හැරුම
නිදි සොයන ඇස් වලට ගත නෑ කීකරුව
අරින කොට හෙට උදේ ගෙදර දොර පියන
වැලඳ ගන්නවද සුදූ කඳුළු උතුරන්න...

_________________________ ධනා.


No comments:

Post a Comment