Thursday, 22 August 2019

වෙන්නප්පුවේ නංගි




දන්න තරමට පොලිසියට තග දාලා හිරේ ලගිනකොට වයස අවුරුදු 21 යි....
ඒ කියන්නේ ප්‍රාදේශිය සභාවට තේරී පත්වෙනකොට වයස අවුරුදු 20 යි.....

කසිප්පු ව්‍යාපාරේ එහෙම අපිට ඕනවට කරන්න බෑ දේශපාලන හයියක් නැතුව....දේශපාලනේ නැතුව කරන්න ගියොත් තුන් මාසෙන් හිරේ...

ගොඩක් ප්‍රදේශවල කසිප්පු නිෂ්පාදකයෝ කියන්නේ පලාතේ මන්ත්‍රීතුමාගේ ප්‍රධාන අනුග්‍රාහකයා....

ඒකට හේතුව කසිප්පු නිෂ්පාදනය එකකට එකක් ලාභ තියෙන ව්‍යාපාරයක් ...

කසිප්පු බෝතල් සීයක් වික්කොත් ආදායම රුපියල් පනස්දාහකට එහා....

හැබැයි සේවක පඩි නඩි නිෂ්පාදන වියදම් සේරම කැපුවත් අර පනස්දාහෙන් රුපියල් විසිපන්දාහකට එහා ලාභයක් නිෂ්පාදකයට තියෙනවා...

ඒ කියන්නේ බොහොම සැප ලයිෆ් එකක් ඒ උදවියට ගෙවන්න පුලුවන්...

ඡන්දයකදී මන්ත්‍රීතුමාට අත දිගෑරලා වියදම් කරන්නත් පුලුවන්....

මොකද වැඩි මහන්සියක් නැතුව ලැබෙන අධික ලාභය නිසා...

අහසින් කඩන් පාත් වෙනවා වගේ ලැබෙන සල්ලි නිසා මේ පවුලේ දරුවෝ වර්ධනය වෙලා තියෙන්නේ සාමාන්‍ය සමාජ තත්වයක් යටතේ නෙමෙයි...

විශේෂ තත්වයක් යටතේ...
ඒක හරියට රසායනාගාර මීයෝ වගේ...
මේ දරුවන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය වෙනස්...

ඒක ඔය ගොඩක් බලවත් පවුල්වල ඉන්න දරුවන්ට තියෙන අවුලක්....

ගෙවල් වල තියෙන අධික ධනය නිසා ඉල්ලන ඉල්ලන දේ ලැබෙන මේ ළමයි සමාජයට ගියාමත් ක්‍රියාත්මක වෙන්න හදන්නේ තමන්ට ඕන පිලිවෙලට...

එයාලට තේරෙන්නේ නෑ සමාජයේ එයාලට අමතරව තවත් මිනිස්සු ජීවත් වෙනවා කියන කාරණය...




ඉතින් පොලිසියට මෙහෙම පාට් දාන්න පුලුවන්ද?

දැන්වත් හැදෙන්න නීතිය කාටත් පොදුයි.


No comments:

Post a Comment