Sunday, 11 August 2019

මොකක්ද මේ #Harmony_OS එක ?


අපි හැමෝම  දන්නවා මීට සති කීපයකට කලින්  Huawei ආයතනයට උන අකරතැබ්බිය මොකක්ද කියලා. ඇමරිකාවෙන් ගූගල් අවහිර කිරිමේ නියෝගය නිසා හුවාවි ජංගම දුරකතන සහා වෙනත් මෙවලන් පාවිච්ච් කරන අයට සැරටම කනේ පහරක් වැදුනා ඒක ලංකාවෙ අපිටත් ගොඩක් සැරට වැදුනා කීවොත් වැරදි නැ මොකද ලංකාවෙ ඒ වෙනකොට අංක එකට හිටියේ Huawei නිසා කොහොම උනත් Huawei කම්පැනි එක නම් කිව්වේ ඒක ඒ අය කලින්ම බලාපොරොත්තු උනා ඒකට ඒ අය සූදානම් උනා කියලා. කාලෙකට කලින් ඉදන් ඒ අතරේ කට කතාවක් පැතිරිලා ගියා ඒ අය අලුත් OS එකක් නිර්මාණය කරනවා කියලා. නමුත් ගොඩක් අය ඒකට හිනා උනා  ඒ අයගෙ අදහස උනේ  Androide OS  එක ත‍රම් කිසිම OS  එකක් සාර්තක නැ කියලයි  නමුත් අපි මේ වෙලාවෙදි Huawei ආයතනය අවතක්සෙරු කරන්න නරකයි  මොකද Huawei කියන්නේ මුලු  ලෝකයක්ම පිලිගත් ආයතනයක් වගෙම Huawei හා සම්බන්ද  උන ගොඩක් අය ඉන්නවා හැම තැනම  ඉතින් මේ අයගෙ Os එක මීට දින කීයපයට කලින්  එලිදවුවා ඒකේ නම තමයි Harmony OS මෙකේ තියෙන විශේෂත්වය තමයි Smart Watches, Sensors, Televisions, Car Dashboards, Mobile Phones, IoT ඇතුළු බොහොමයක් ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් වලට භාවිතා කරන්න පුලුවන් තනි Open Source OS එකක් වීම ඉතින් හිතාගන්න පුලුවන් නේද ඒ OS එක ගැන Opensource නිසා මෘදුකාංග එහෙමත් ඉතා ඉක්මනින් සංවර්ධනය වේවි කියලා අනාවැකි පළකරන්න පුලුවන් අපිට මොකද අපි හොදටම දන්නවා ඇන්ඩ්‍රොයිඩ්  ඇප්ස් ඩිවල්ප් කරන්න ඩිවලපර්ස්ලා මිලියන ගානක් ඉන්නවා මේ ලොකේ  Androide OS  එකට වඩා Harmony OS එක උඩට ආවොත් හිතා ගන්න බැරි ව්දියේ වෙනස් කම් කීපයක් ඉදිරියෙදි වෙයි කියලා අපි හිතනවා මේ Harmony OS එක මේ අවුරුද්දේ අවසානයේ SMART TV සහා SMART WATCHE කීපයක් එලිදැක්වීමට නියමිත බව සදහන් වෙනවා  ඉතින් අපිට තව අවුරුද්දකින් වගෙ හරියටම බලාගන්න පුලුවන් මේ Harmony OS  එක මොන වගේ වෙනසක් කරයික්ද කියලා 🙄🙄🙄🙄🙄🙄🙄


No comments:

Post a Comment