පොලිස් කාරයෙක් වෙච්ච #මස්සිනා
කැම්පස් යන #නෑනට ලියලා තියෙන්නේ....
===============================✒🎓👓
වෙල් ඉපනැල්ලේ මා එක්කලා දුව පැන්න
ඉඳහිට හමුවෙලා සෙනෙහස් මල් මට දුන්න
දෛවය ඉඩ දුන්නෑ මට නුඹ හා එක් වෙන්න
මම පොලිසියට නුඹ ජ,පුරට සිදු උණි යන්න
කාලය ගෙවුනි අපෙ ජීවිත තරඟෙත් එක්ක
ඉඳහිට ගම ආවත් දිනයක් නෑ මම නුඹ දැක්ක
ඈතට පියඹනවිට නුඹ නුපුරුදු ලෙක්චර් එක්ක
නිවාඩු ආපු මම දොඩමළු උනේ #දණ්ඩින් එක්ක
අක්කගෙ වෙනස කිව්වා අද මල්ලී මා එක්ක
තාත්තා එක්ක එල්ලෙනවලු පිම්බුණු නහරත් එක්ක
සුන්දර යුවතිය පිවිතුරු ලඳ නෑ දැන් ඇය එක්ක
#අයිතිය ගැන කියවනවලු කුස්සියේ අම්මත් එක්ක
කැම්පස් යන්න බැරි තැන දියවුණු ගවුමත් එක්ක
නුඹ ගැන බැලුවෙ මම පොරබදමින් #වැටුපත් එක්ක
අද වෛරය බැන්දත් නුඹ මේ නිල ඇඳුමත් එක්ක
කළගුණ එපා නංගී උඹ ඉන්නවා නම් හෙට තැනක
ගෙදර ආපු නුඹ බලන්න ඇවැස්ස නෑ කමට
ආවත් නෑ නංගියේ උඹ ආවේ කාමරෙන් පිට
නොකී කථාවක් කීවා සුදු නැන්දගේ කඳුළු කැට
ලබන මාසේ වියදම මම තිබ්බා කොට්ටෙ යට...
සෙනෙහස ඇතත් අද ඒකපාක්ෂික හදවතක
අපි දෙන්නා ඉන්නේ අද ගැලපෙන්නැති තැනක
කඳුළු ගෑස් ගංගා ගැලුවේ සෝදාගෙන ඒ මතක
#බැරියර් දැම්මේ නුඹයි නංගී බලලා මට අහක
සරසවි යන්න තිබුණත් නොගිහින් බැරි කමට
රස්සාව ආවේ පවුලේ බර අරගෙන මම කරට
කිරුළු පලන් දවසක ආවම නුඹ නංගී ගමට
නෙලුම් මලක් පාකරපං අපේ ආදරයේ නමට
දිනයක් ඒවි අපි දෙන්නා එක තැන සටනක් කරන
එදාට බෑ නංගී අපි දෙන්නට එක පැත්තේ ඉන්න
උපාධි තොප්පියකට බෑ නිල ඇඳුමක් තේරුම් ගන්න
හන්තානෙට පායන #හඳ ඉඳීවි උඹෙ තනි රකින්න
__________________________________ ධනංජය
No comments:
Post a Comment