අද පෝය දවසෙ...
පොලිස් කාරයෙක්ගේ #පොඩි කථාවක්..
හැබැයි ඌටයි ඒකිටයි #ලොකුවටම දැනුන...
පෝය දාට ගම්මැද්දේ කමත ලඟ
මතක් වෙනව අපි දෙන්නා බලපු සඳ
සඳ එලියේ වැව් බැම්මේ සිරිය විඳ
දැකපු හීන වැව් දිය යට සැඟ වුනද...
පෝය දාට සිල් සුවඳින් එකලු උණ
ගම්මානේ තවම නංගි ලස්සනද
මල් ආසනෙ තනි උණු අරලියා මල
සුසුම් ලනවා මම දන්නවා පහණ ලඟ...
මේ පෝයට ගමේ එන්න සපත කල
මම කැඩුවා සිව් වෙනි ඒ සිල් පදය
නුඹ වගේම තව දහසක් බුදුන් ලඟ
පහන තියන අය රකිනවා අදත් මම..
කඳුළු පිරුණු දෑසින් බිම බලාගෙන
අම්ම එක්ක ගියා නේද පංසලට
ඇස් පියාන කියු කථාව කිව්වා මට
බුදු පහනට දිලිසුණු නුඹෙ කඳුළු කැට..
නිවාඩුවට මම එනකොට ලබන මස
අලුත් ගෙදර මම හදනා කමත ලඟ
අපි වෙනුවෙන් ආසාවෙන් පිපෙන්නට
මග බලනවා අරලියා මල් පොට්ටු ටික...
අද තනියෙන් මල් තිබ්බට බුදුන් ලඟ
නුඹ ළඟමයි නංගියෙ මේ #කාකි හිත
එක්ක ගිහින් බුදු හිමිගේ දෙපා වැඳ
සිඹිමි නළල කරගෙන නුඹ බිරිඳ මම...
_____________________________ ධනංජය.
පොලිස් කාරයෙක්ගේ #පොඩි කථාවක්..
හැබැයි ඌටයි ඒකිටයි #ලොකුවටම දැනුන...
පෝය දාට ගම්මැද්දේ කමත ලඟ
මතක් වෙනව අපි දෙන්නා බලපු සඳ
සඳ එලියේ වැව් බැම්මේ සිරිය විඳ
දැකපු හීන වැව් දිය යට සැඟ වුනද...
පෝය දාට සිල් සුවඳින් එකලු උණ
ගම්මානේ තවම නංගි ලස්සනද
මල් ආසනෙ තනි උණු අරලියා මල
සුසුම් ලනවා මම දන්නවා පහණ ලඟ...
මේ පෝයට ගමේ එන්න සපත කල
මම කැඩුවා සිව් වෙනි ඒ සිල් පදය
නුඹ වගේම තව දහසක් බුදුන් ලඟ
පහන තියන අය රකිනවා අදත් මම..
කඳුළු පිරුණු දෑසින් බිම බලාගෙන
අම්ම එක්ක ගියා නේද පංසලට
ඇස් පියාන කියු කථාව කිව්වා මට
බුදු පහනට දිලිසුණු නුඹෙ කඳුළු කැට..
නිවාඩුවට මම එනකොට ලබන මස
අලුත් ගෙදර මම හදනා කමත ලඟ
අපි වෙනුවෙන් ආසාවෙන් පිපෙන්නට
මග බලනවා අරලියා මල් පොට්ටු ටික...
අද තනියෙන් මල් තිබ්බට බුදුන් ලඟ
නුඹ ළඟමයි නංගියෙ මේ #කාකි හිත
එක්ක ගිහින් බුදු හිමිගේ දෙපා වැඳ
සිඹිමි නළල කරගෙන නුඹ බිරිඳ මම...
_____________________________ ධනංජය.
No comments:
Post a Comment