Sunday, 1 December 2019

කැරලි මර්ධන බල ඇණියක #පොලිස්_භටයෙක්....


කැරලි මර්ධන බල ඇණියක 
#පොලිස්_භටයෙක්....අධි පීඩන ජල ප්‍රහාර මැද බුදු පිළිමයක් දැකලා.. තිලෝගුරු අමා මෑණියන්ට කල ආයාචනයක්...(හැබැයි ඌට අනුව)
============================

එදා දුටුගැමුණු සිංහල පිංවන්ත රජ
නසන්න යන්න පෙර පර සතුරු කැල
ආශිර්වාද කල සම්මා සම්බුදුන් පිය
ඇයිද අද සටනක පෙර මගට වැඩ...

ආවෙත් නාලාගිරි වන් බවුසරේ නැග 
ජීවිත රකින්නයි මම අද උපන් රට
අසරණ උනා නීතිය හා ආගමක් ලඟ
ඇයි හිමියනි අද මේ දෙව්දත් හිසක් උඩ..

රුපු සෙන් මැදින් වැඩ ඉන්නා නුඹව දැක
සත්තයි හිමියනි වැඳ්දා අත් එකතු කර
සැනින් ගියා ගම පංසල් බෝ මලුව වෙත
බව්සර් වතුර මැව්වා ආසිරි මල් වැස්ස....

දිව්රුම් දීලා නිල ඇඳුමක් ඇන්දේ මම
නීතිය රකින්නයි හැලුනත් ලේ බිංදු බිම
පංසල් ගිහින් නුඹේ සෙවනේ හැදුනු මම
අවියයි බණ පොතයි ලඟ හිරවෙලා අද...

නුඹ වදාල පන්සිල් ගුණ නොරැක යන
අය හදන්න ඔවුන් ලියපු නීතියේ පොත
පිටු ඉරලා ඔවුන්ම එනවිට සටන් වැද
කියන්න බුදුනි අවිගත් මම අපායේ යනවාද...

සීලය රකින සෙබලෙකුගේ තැවෙන හිත
ගැන කියන්න නුඹ හැර වෙන කෙනෙක් නැත
අද ගැහුවත් අහකට මම පීඩන වතුර කඳ
හෙට කියන්න නිල ඇඳුමට පණ තිබුණු වග....

_________________________________________
🖋..ධනා.

No comments:

Post a Comment