Saturday, 14 December 2019

හුස්ම ගන්න #පොලිස්_කාරයෝ...





හුස්ම ගන්න #පොලිස්_කාරයෝ...

**********************************

හද පිපුණු මල් සේපාලිකා
නොදැක හිරු මල පරවී ගියා
ඉකි බිඳින රැයෙ හීන ගංගා
මාවතේ විසිර වියලී ගියා....

පණ තිබූ හද මමම හංගා
පාර උඩ දිවි තනිව රැක්කා
වියලි කඳුලට පුරුදු හින්දා
බිංදු දහදිය පවස නිමුවා.....

දූලි මල් දැලි ඇඟේ පිපිලා
ගිණි අව්ව බිතු සිතුවම් කලා..
දනන් නොදකින කඳුළු ගලලා
වැසි දියේ නොකියම සේදී ගියා...

රුධිර කැටි මත මිශ්‍ර වීලා
මටත් තිබුණත් හදක් ලැබිලා
යදම් ලූ මගෙ දෑත පෙන්නා
මුහුදු සුළඟට #කවිය කිව්වා...

____________________ධනා .

No comments:

Post a Comment