2024.12.22 වන දින උදෑසන කාලයේ ගල්කිරියාගම පොලිස් වසමේ පැල්බැදියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇත
මරණකරු වයස අවුරුදු 42 ක් වූ ගල්පාය, දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වන අලින් සඳහා ඉදි කර තිබූ විදුලි කම්බියක් ගැටීමෙන් විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය
අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගල්කිරියාගම පොලිසිය වැඩිදුර
විමර්ශන සිදු කරනු ලබයි.
No comments:
Post a Comment