#කාකි_පෙනහළු........
(කොවිඩ් විශේෂ රාජකාරි වෙනුවෙන් දොට්ට බැහැපු මිනිස්සු වෙනුවෙන්)
______________________________________❤
ගිනි ගහන පොලෝතල යටින් වලාකුළු
දිවා රෑ දහදියට දියකරමින් උණු කඳුළු
ගේන්නට උන් රටේ මිනිසුන්ට අරුණලු
මුර කරනවා උපන් මව් බිමේ වැටකඩුළු
ගෙදර හඬනා පැටියන්ට දාලා දොරගුළු
ආදර සොඳුරට වෙලා බොරුවට දොඩමළු
මරණය සිනා සෙන තැන් වල ඝන කලු
සෙල්ලම් කරනවා උන් එක්කලා මිණී අලු
හීන නොගෙනාවත් කුමරියන් නෙත්කලු
ඒ කුමරියන් නිදන්නෙත් අද උන් හින්දලු
නොවුනත් අද සුව පහසු දිවියක පන්සිලු
කාකි ඇඳුමටත් තියෙනවා මිතුර පෙනහළු
ධනා...
No comments:
Post a Comment