Tuesday, 18 August 2020

#Migraine #මිග්‍රේන්_________


 #Migraine__මිග්‍රේන්_________😒🤔🤔🤔

හැදුනම මැරෙන්න හිතෙන හිසේරදය, හැමෝම කියන මිග්‍රේන් ගැන පුංචි දැනුවත් කිරීමක් තමයි මේ. 

සමහර අයට මේ හිසේරදය කොච්චර වේදනාවක් ද කියනව නම් මනුස්සයෙක් පිහියකින් ඔලුවට අනිනව වගේ දැනෙනවා කියලා කියයි. කවුරු හරි ඔලුවට පොල්ලකින් ගහලා වගේ දැනෙනවා කියලා කියයි. ඒක දන්නේ හැදුන කෙනාම තමයි ඉතින්. 

MIGRAINE

මේක ටිකක් සුලබ තත්වයේ හිසරදයක්. ඒ හිසරදය එන්නෙ නිකන්ම නෙවෙයි. ඔක්කාරය, වමනය සහ ආලෝකය දෙස බැලීමට අපහසු වීම යන ලක්ශන එක්ක.

මොනාද මේකට හේතු

මොළයේ ඇති Cerebral artery එහෙමත් නැත්නම් ධමනි විස්තාරනය වීමත් හැකිලීමත් නිසා ඇති විය හැකි තත්වයක්.

ගොඩක්ම හැදෙන්නේ ස්ත්‍රී පාර්ශවයට.

සමහර අයට පරම්පරාවෙන් එන්නත් පුලුවන්.

සමහර සුවඳවල්, ගඳවල්, අධික ශබ්ධයන්, වැඩි ආලෝකය සහ දුම් බීම ආදිය මේකට හේතුවෙනව.

හිසරදය මේ පහළ හේතූන් නිසා දරුණු වෙන්න පුලුවන්.

* කැෆේන් අඩංගු ආහාර

*හෝමෝන වෙනස් වීම (කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස් වීම් නිසා)

*නින්ද යාමේ වෙනස් වීම්

*ව්‍යායාම 

* ආහාර වේල් අතපසු වීම්

* දුම් බීම හෝ දුම ආග්‍රහනය වීම


ඒ වගේම පහත සඳහන් ආහාර හිසරදය තව තවත් වැඩිකරන්න හේතු වෙනව.

*සකසන ලද ආහාර, අච්චාරු, පැසීමට බදුන් කල ආහාර, රසකාරක යෙදූ ආහාර (MSG අඩංගු ආහාර)

*බේක් කරන ලද ආහාර, චොකලට්, රටකජු, කජු, බටර් වැනි කිරි නිශ්පාදන

*රතු වයින්, චීස්, දුම් ගසන ලද මාලු, කුකුල් මස් පීකුදු, බෝංචි

*පළතුරු(අලිපේර,කෙසෙල්,පැඟුරි කුළයේ පළතුරු)

*නයුට්‍රේට අඩංගු මස් වර්ග(බේකන්,හොට් ඩෝග්ස්,සලාමි)

*ළූණු


රෝග ලක්ශන

*පෙනීමට බාධා ඇති වීම(මෙය මිග්‍රේන් වල පූර්ව අනතුරු හැඟවීමකි)

*පොඩි තිත් වැනි දෙයක් ඇස මත ඇති සේ දැනීම

*බොඳ වී පෙනීම

*ඇස් වල වේදනාව

*තාරකා වැනි හෝ සිග්සැග්  ආකාරයේ ඉරි පෙනීම

*කලුවර වීම

මෙය අඩු වේදනාවක සිට ඉතා දරුණු වේදනාවක් දක්වා වැඩි වියහැකිය.

සාමාන්‍යයෙන් පැය 6-48ක් අතර කාලයක් පැවතිය හැකිය.


මෙම හිසරදය සමඟ පහත ලක්ශන ඇති  විය හැකිය.

*සීතල

*මූත්‍රා කිරීමේ වාර ගනන වැඩි වීම

*අලස බව

*ආහාර අරුචිය

*ඔක්කාරය සමඟ වමනය

*හිරිවැටීම හෝ දුර්වලබව

*අකුරු කියවීමට අපහසු වීම

*දහඩිය දැමීම

*ආලෝකයට හෝ ශබ්ධයට සංවේදී වීම.


ඉහත ලක්ශන ඇත්නම් ඔබත් වෛද්‍යවරයකු හමුවන්න. 

(සේයා රූ  හා  දත්ත -  අන්තර්ජාලය  ඇසුරිනි)

No comments:

Post a Comment